විදුහල්පති පණිවිඩය
G.A.D.S.ධර්මසේන මිය
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රතුපස්වල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලය වන අප පාසල දිගු ඉතිහාසයක් ඇති දිනෙන් දින දියුණු වන පාසලකි.අධ්‍යාපනය පමණක් නොව කලා හා ක්‍රීඩා හැකියාවන්ගෙන් යුතු දක්ෂ සිසු පිරිසක් මෙහි අධ්‍යාපනය ලබති.
විශේෂයෙන් මෑත කාලය තුළ අප පාසලේ සිසු දරුවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන අතර විෂය සමගාමී කටයුතු සඳහා තොරතුරු තාක්ෂණික දැනුම ඵලදායී ලෙස භාවිත කිරීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. තවදුරටත් දරුවන්ගේ විභව්‍යතාවයන් ඉස්මතු කර ගැනීමටත්, අප විද්‍යාලය හා සම්බන්ධ විවිධ පාර්ශ්ව සමඟ සිදුකෙරෙන සන්නිවේදන කාර්යයන් වඩා කාර්යක්ෂම හා ඵලදායීව ඉටුකර ගැනීමටත් මෙම වෙබ් අඩවිය සහය වනු ඇතැයි මම විශ්වාස කරමි. එසේම අප හා එක්ව පාසල උන්නතිය කරා රැගෙන යාමට අත්වැල් බැඳගන්නා මෙන් සියලු දෙනාටම ආරාධනා කර සිටිමි. මෙම මහඟු කර්තව්‍ය සාර්ථක කරගැනීමට සහාය දැක්වූ සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර සෑම දරුවෙක්ම ගුණ, නැණින් යුතු ලොව දිනිය හැකි අභිමානවත් බෝධිරාජ පුරවැසියෙකු වනු දැකීම මාගේ පැතුමයි.
G.A.D.S.ධර්මසේන මිය
විදුහල්පති
බප/ගම් රතුපස්වල බෝධිරාජ කණිටු විදුහල.





