නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඩී.සී.පී.මුදලිගේ මිය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රතුපස්වල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලය වන අප පාසල නගරාසන්නයෙන් තරමක් දුරස්ව ප්‍රධාන බස් පාරට මුහුණලා කුඩා වපසරියක පිහිටි ,1-11 ශ්‍රේණි දරුවන් අධ්‍යාපනය ලබන පාසලකි. මෙහි ඉගෙනුම ලබන සියලු සිසුන් විෂය හා විෂය සමගාමී කටයුතුවල උනන්දුවෙන් නියැලෙන අතර ජාතික විභාග ,සමස්ත ලංකා තරග ,ක්‍රීඩා තරග හා සෞන්දර්යාත්මක තරග සඳහා සහභාගී වී විශිෂ්ඨ ජයග්‍රහණ රැසක්ම විද්‍යාලයට අත්පත් කර දීමට සමත්ව ඇත. සියලු සිසුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හැදෑරීමට වැඩි ඇල්මක් දක්වන අතර අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එකී දැනුම විවිධත්වයෙන් යුතුව භාවිත කරනු දැකීම සතුටට කරුණකි.එහෙයින් සිසු දරු දැරියන් තුළ නව අභිප්‍රේරණයන් ඇතිකිරීම සඳහාත් පාසලේ උන්නතිය පතන සැමට අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමේ කාර්ය සඳහාත් මෙම නව වෙබ් අඩවිය මනා රුකුලක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි .පාසලේ අභිවෘද්ධිය ළඟා කර ගැනීමටත් යහගුණ සපිරි නැණවත් සෙසු පරපුරක් සමාජයට දායාද කිරීමටත් මෙමගින් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
ඩී.සී.පී.මුදලිගේ මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම් රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල .





