රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

ගම්පහ

රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

පාසලේ ඉතිහාසය

සිඟිති පොළ

inner slider3.jpg
inner slider3.jpg

බෝධිරාජ   විදුහලේ ඉතිහාසය

 1962 දී පාර්ලිමේන්තු මන්ත්‍රී එ.ස් ඩබ්ලිව බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් රතුපස්වල නමින් ජනපදයක් ආරම්භ කොට ඇති අතර, 1964 දී ජනපද සංවර්ධන සමිතිය මැදිහත් වී මේ පාසල සඳහා අක්කර එකක බිම් ප්‍රමාණයක් වෙන්කොට තිබේ. ප්‍රථමයෙන්ම මෙහි පොල් අතු සෙවිලි කළ ගොම මැටි බිම ගොඩනැගිල්ලක්  ඉහත සමිතිය මගින් තාවකාලිකව  ඉදි කරදී ඇත. පාසල ආරම්භ වූයේ පුද්ගලික පාසලක් වශයෙනි.

 මේ පාසලේ අවට පරිසරය භූගෝලීය වශයෙන් බලන කල රතුපස් ඇති නිසා මේ රතුපස්වල නමින් ප්‍රසිද්ධ වී ඇති බව සිතිය හැක. 1964 දී ප්‍රථම වරට මෙම පාසල යෝජිත පාසලක් වශයෙන් වැඩ කටයුතු අරඹා තිබේ. එවකට විදුහල්පතිව සිටියේ ඊ. ඒ. සෝමාවතී මහත්මියයි.  ඇය යටතේ ගුරුවරු හතර  දෙනෙක් සේවය කොට ඇත. මේ කාලයේ පාසලේ ශ්‍රේණි හතරක් වූ බව පෙනේ. 1967 පෙබරවාරි පළවෙනි දින වන විට මේ ශ්‍රේණි වල   ළමුන් හැත්තෑවක් සිට ඇත. ඒ සමගම මේ යෝජිත පාසල රජයට පවරාගෙන තිබේ.

මේ පාසල රජයේ පාසලක් වශයෙන් පත් කර ගැනීම සඳහා ඇප කැපවී  ක්‍රියාකළ අය අතර විශේෂයෙන්  සඳහන් කළ යුතු කිහිප දෙනෙකු වේ.

  1. ගම්පහ මහජන මන්ත්‍රී එස්. ඩබ්ලිව් බණ්ඩාරනායක මහතා
  2. ගම් සභා නියෝජිත දිවංගත එස්.ඒ පියදාස මහතා
  3. ජනපද සංවර්ධන සමිතියේ අනුශාසක ඩබ්ලිව් පියදාස මහතා
  4. විශ්‍රාමලත් ගාම නිලධාරී ඩබ්ලිව් අමරසිංහ මහතා
  5. විශ්‍රාමලත් විදුහල්පති දැනියෙල් මහතා
  6. ගම්සභා නියෝජිත ආර්.කේ.එස් රණසිංහ මහතා

 

මේ අයගේ දැඩි කැපවීම මේ පාසල රජය පිළිගත් පාසලක් ලෙස අනුමත කර ඇති බව පැහැදිලිය. ඉන්පසු ක්‍රමයෙන් මේ පාසල විකාශනය වන්නට විය. මෙහිදී 1967 ට පෙර සේවය කළ ගුරුවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ. රජයට පවරා ගන්නා මොහොතේදී පොරොන්දු පරිදි 1964.12.31 දින නව ගොඩනැගිල්ලක් තනවා විවෘත කර ඇත. එවකට විදුහල්පතිව සිටියේ ඩබ්ලිව්. සී. පෙරේරා මහතාය.

 

 තවද පාසලට අවශ්‍ය බුදු මැදුරද මෙම වසරේදීම ගුරු දෙගුරු සමිතියේ මූලිකත්වයෙන් ඉදිකොට ඇත. ඉතා දැකුම්කලූ උඩරට හා පහතරට නැටුම් පෙරහැරකින් මේ බුදු මැදුර සඳහා වූ පිළිමය වැඩමවා ඇත. එය පූජා කළේ පාසලේම සේවය කොට ඇති ලියන ආරච්චි මහතා සහ එම මැතිණිය විසිනි.

 

 ඉන්පසු නව අධ්‍යාපන ක්‍රමය යටතේ පන්ති ආවරණය කොට ඇති අතර 60*20 ශාලාවක්ද දැල් ගසා නිම කරවා ඇත.  මේ කාලයේ විදුහල්පති ලෙස කටයුතු කළේ ජේ.බී. ප්‍රනාන්දු මහතාය. එතුමා ගුරු දෙගුරු සමිතියේ සහයෝගයෙන් මෙය තනවා ඇත. එම ගොඩනැගිල්ල 1974 පෙබරවාරි 13 මාණ්ඩලික අධ්‍යාපන නිලධාරී ඩී. සමරතුංග මහතා අතින් විවෘත කර තිබේ.

 

1975 ජුනි පලවෙනි දින සිසුන්ට වීම සඳහා ජලය සහිත ටැංකියක් ද පාසලේ කෘෂිකර්ම සමිතියේ අරමුදලින් තනවාදී ඇත. 1984 අප්‍රේල් මාසයේදී විදුහල්පති ඩී.ඒ.ඩී විජේවික්‍රම මහතාගේ තීරණයකට අනුව මේ පාසලේ ද තීරණයකට අනුව මේ පාසලේ දරුවන් සඳහා ක්‍රීඩා පිටියත් තනවා ඇත. ආධාර නොමැතිව ගම්වාසීන්ගේ ශ්‍රමය ශක්තියෙන් හා පාසල් දරුවන්ගේ ශ්‍රම ශක්තියෙන් මෙය ඉදි වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙහිදී ගම්වාසින් සංවිධානය සඳහා විලියම් මහත්මයාද, ශිෂ්‍ය සංවිධානය සඳහා ඇඹුල්දෙනිය ශිෂ්‍යාවද, කටයුතු කර ඇත. 1987 වර්ෂය වන විට ඉතා ප්‍රවීණ ගුරු මණ්ඩලයක් ලැබී තිබේ. මෙහි උපාධිධාරී ගුරුවරුන් හතරක් සේවය කොට ඇත. 1986 දී මෙම පාසැල් ගීතය නිර්මාණය කර ඇති අතර, එය විදුහලේ සේවය කළ මහීපාල මහත්මිය විසින් සකසා ඇත. 1990 දී නැවතත් මෙම ගීතය අලුත් තනුවක් සහිතව සුළු වෙනස්කම් සහිතව  වෙනස් කර ඇත.

ආරම්භ කළ වර්ෂය

1964

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

මුල් ගුරුතුමාගේ නම

ඊ. ඒ. සෝමාවතී මහත්මිය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඵම්.ඒ රත්නසිරි

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ජේ.ඒ චන්ද්‍රාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1967 .02.01