පාසල් ගීතය
මෙම පාසැලේ අනන්‍යතාව යට මල් කලඹක් මෙන් වූ පාසල් ගීතය පෙර දවස පාසලේ ආචාර්යවරියක් වශයෙන් කටයුතු කළ මහිපාල මහත්මිය විසින්1986 වර්ෂයේදී තනුව හා සංගීතය නිර්මාණය කරන ලද්දකි. එසේම පාසලේ ආචාර්යවරියක් වු මන්ජරී වෛද්‍යතිලක මෙනෙවිය 1990 වර්ෂයේ දී එම පාසැල් ගීතයට සුළු සුළු වෙනස්කම් කරනු ලැබූ අතර නව තනුවක් නිර්මාණ ය කර සංගීතය සපයා ඇත.මේ එම වත්මන් පාසල් ගීතයයි.
ශිල්ප සුගන්දේ
දේහ නිබන්දේ
සිසු කැල
ඔබ තුරුලේ රන්දා
රතුපස්වල බෝ රජ විදුහල
සැරදේ මෑණියණී සදා.......
බොදු හැදියාවයි
ශිල්ප කලාවයි
ඔබෙන් ලැබෙන දායාදයයි
විකසිත පියුමට
මල් පෙති වැනි අප
බැබළෙන්නේ
ඔබෙ නාමයයි
ශිල්ප සුගන්දේ .....
රට දැය සමයයි
සුසිරිත් අගයයි
සිසුකැල අතරේ
සාමයයි
සිත්සත දැනුමට
ගතසිත වැඩුමට
දිරිදෙන ඔබ අප ජීවයයි//
ශිල්ප සුගන්දේ .....//





