රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

ගම්පහ

රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

නිර්මාතෘවරු

සිඟිති පොළ

inner slider3.jpg
inner slider3.jpg

 1962 දී පාර්ලිමේන්තු මන්ත්‍රී එ.ස් ඩබ්ලිව බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් රතුපස්වල නමින් ජනපදයක් ආරම්භ කොට ඇති අතර, 1964 දී ජනපද සංවර්ධන සමිතිය මැදිහත් වී මේ පාසල සඳහා අක්කර එකක බිම් ප්‍රමාණයක් වෙන්කොට තිබේ. ප්‍රථමයෙන්ම මෙහි පොල් අතු සෙවිලි කළ ගොම මැටි බිම ගොඩනැගිල්ලක්  ඉහත සමිතිය මගින් තාවකාලිකව  ඉදිකරදී ඇත. පාසල ආරම්භ වූයේ පුද්ගලික පාසලක් වශයෙනි.

 මේ පාසලේ අවට පරිසරය භූගෝලීය වශයෙන් බලන කල රතුපස් ඇති නිසා මේ   ප්‍රදේශය රතුපස්වල නමින් ප්‍රසිද්ධ වී ඇති බව සිතිය හැක. 1964 දී ප්‍රථම වරට මෙම පාසල යෝජිත පාසලක් වශයෙන් වැඩ කටයුතු අරඹා තිබේ. එවකට විදුහල්පතිව සිටියේ ඊ. ඒ. සෝමාවතී මහත්මියයි.  ඇය යටතේ ගුරුවරු හතර  දෙනෙක් සේවය කොට ඇත. මේ කාලයේ පාසලේ ශ්‍රේණි හතරක් වූ බව පෙනේ. 1967 පෙබරවාරි පළවෙනි දින වන විට මේ ශ්‍රේණි වල ළමුන් හැත්තෑවක් සිට ඇත. ඒ සමගම මේ යෝජිත පාසල රජයට පවරාගෙන තිබේ.