රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

ගම්පහ

රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල

සිඟිති පොළ

inner slider3.jpg
inner slider3.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

නිල ඇඳුම පිරිමි

කොට කලිසම  1-9 ශ්‍රේණින්

  • කොට කලිසම කකුලේ වට අඟල් දහනමයක් විය යුතුය.
  • කොට කලිසම දණහිස වැසෙන තෙක් විය යුතුය.
  • දෙපස සාක්කු දෙකකි.
  • පසුපස සාක්කු එකකි. එය දකුණු පස විය යුතුය.
  • ඉදිරිපස එක් පැත්තකට එක බැගින් ෆ්ලිට් දෙකකි.
  • නාභිය තෙක් උසට ඇඳිය යුතුය.
  • කලිසම ඇඟට හිර නොවිය යුතුය.
  • මුදල් පසුම්බි,ඔරලෝසු , මුදු ,විවිධ වර්ණ නූල් බෙල්ට් භාවිතා කළ නොහැකිය.
  • හිසකෙස් පැත්තට පීරා කොටට  කැපිය යුතුය

කමිසය  

  • ඉදිරි වම් පස සාක්කුවක් සහිත අත්කොට සුදු පාට කමිසයක්, අත් දෙක වැලමිටට අඟලක් උඩින් තිබිය යුතුය.
  • අත් හිර හා ඉතා කොට නොවිය යුතුය.
  • නිල ලාංඡනය පැළඳිය යුතුය.
  • සාක්කුවේ ඉදිරිපස දකුණු කෙළවරේ මැස්මක් යොදා පැළඳිය යුතුය.
  • කමිසය කලිසමට යට කර ඇඳිය යුතුය.
  • 1-5 දරුවන් ටයි පටිය නිසි ලෙස පැළඳිය යුතුය
  • සාමාන්‍ය කළු සපත්තු යුගලක් සහ කළු මේස් ඇඳිය යුතුය.

නිල ඇඳුම ගැහැණු

  • ඉදිරිපස කොළරය අඟල් හතරක පළලකින් යුක්ත විය යුතුය.
  • අතේ දිග උරහිසේ සිට වැලමිට දක්වා ඇති දුර දෙකෙන් බෙදා අඟල් එකක් එකතු කර ලැබෙන ප්‍රමාණයට සකස් කරගත යුතුය.
  • ගවුමේ උස දණහිසට වඩා අගලක් පහලින් විය යුතුය.
  • සාක්කු නැත.
  • ඉන ,අත්පහලට දමා සිටගත්විට අතේ වැලමිටට සමාන විය යුතුය.
  • ගවුමේ ඉන පටිය ඒ අනුව බැඳිය යුතුය.  
  • මැදින් බෙදූ කොණ්ඩ කරල් දෙක අගින් නවා බඳින්න.
  • සුදු සපත්තු,සුදු මේස් ඇඳිය හැකිය.
  • ඔරලෝසු පලදනා පැළඳීම තහනම්ය.
  • ටයි පටිය නිසි ලෙස පැළඳිය යුතුය

නිල ඇඳුම පිරිමි
 දහය එකොළහ ශ්‍රේණි සුදු දිග කලිසම
 

  • කලිසමේ කකුල් වට අඟල් ප්‍රමාණය අඟල් පහළොවක් විය යුතුය.
  • දෙපස සාක්කු දෙකකි.
  • පසුපස දකුණු පස සාක්කු එකකි.
  • ඉදිරිපස පැත්තකට එක බැගින් ප්ලීට් දෙකකි.
  • නාභිය තෙක් උසට ඇඳිය යුතුය.
  • කලිසම ඇඟට හිර නොවිය යුතුය.
  • මුදල් පසුම්බි ,ඔරලෝසු ,මුදු විවිධ වර්ණනූල්  භාවිතා කළ නොහැකිය.
  • හිසකෙස් පැත්තට පීරා කොටට කපන්න.

 කමිසය

  • ඉදිරි වම් පස සාක්කුවක් සහිත අත්කොට සුදු පාට කමිසයක්, අත් දෙක වැලමිටට අඟලක් උඩින් තිබිය යුතුය.
  • අත් හිර හා ඉතා කොට නොවිය යුතුය.
  • නිල ලාංඡනය පැළඳිය යුතුය.
  • සාක්කුවේ ඉදිරිපස දකුණු කෙළවරේ මැස්මක් යොදා පැළඳිය යුතුය.
  • කමිසය කලිසමට යට කර ඇඳිය යුතුය.
  • සාමාන්‍ය කළු සපත්තු යුගලක් සහ කළු මේස් ඇඳිය යුතුය.

නිල ඇඳුම ගැහැණු

  • ඉදිරිපස කොළරය අඟල් හතරක පළලකින් යුක්ත විය යුතුය.
  • අතේ දිග උරහිසේ සිට වැලමිට දක්වා ඇති දුර දෙකෙන් බෙදා අඟල් එකක් එකතු කර ලැබෙන ප්‍රමාණයට සකස් කරගත යුතුය.
  • ගවුමේ උස දණහිසට වඩා අගලක් පහලින් විය යුතුය.
  • සාක්කු නැත.
  • ඉන ,අත්පහලට දමා සිටගත්විට අතේ වැලමිටට සමාන විය යුතුය.
  • ගවුමේ ඉන පටිය ඒ අනුව බැඳිය යුතුය.  
  • මැදින් බෙදූ කොණ්ඩ කරල් දෙක අගින් නවා බඳින්න.
  • සුදු සපත්තු,සුදු මේස් ඇඳිය හැකිය.
  • ඔරලෝසු පලදනා පැළඳීම තහනම්ය
  • ටයි පටිය නිසි ලෙස පැළඳිය යුතුය